Playground online reservation

ඉල්ලුම්කරුගේ නම


උපදෙස් හා කොන්දේසි (අයදුම්පත ඔන්ලයින් යොමු කිරීමෙන් පසු අප විසින් ඉදිරි කටයුතු සඳහා දුරකථනය මඟින් ඔබ හා සම්බන්ධ වේ)
මහජන ක්‍රීඩාංගනය වෙන් කර ගැනීමේ කොන්දේසි

1. නියම කර ඇති ගාස්තු ගෙවීමට ඉල්ලුම්කරු බැදී සිටී.
2.නියමිත මුදල සහ ආරක්ෂිත ඇප මුදල ගෙවා ක්‍රීඩාපිටිය වෙන් කරවාගත යුතුය.
3.සියළුම ගෙවීම් මුදලින් හා චෙක්පත් වලින්ද ගෙවීම් කල හැකි අතර,(චෙක්පතෙහි මුදල් ගීණුමට බැරවු පසු ලදුපත නිකුත් කරනු ලැබේ.)ඒ් සඳහා අයදුම්කරු විසින් නිල ලදුපතක් ලබාගත යුතුය.
4.ඉල්ලුම්කරු විසින් ක්‍රීඩාපිටිය වෙන් කරනලද කාලය තුළදී මෙම ස්ථානයට කිසිදු අලාභයක් සිදුවී නොමැති බවට ක්‍රිඩාපිටිය භාරකරු විසින් නිර්දේශ කල පසු ගරු සභාපති/ලේකම් සෑහීමකට පත්වීමෙන් අනතුරුව ගෙවන ලද ආරක්ෂිත ඇප මුදල වැඩසටහනින් පසු ඉල්ලුම්කරු ආපසු ලබාගත යුතුය.
5.මෙම කාලය ඇතුළත සිදුවු කුමන හෝ අලාභයක් වෙතොත් ඒ් සඳහා ගෙවිය යුතු මුදල ආරක්ෂිත ඇප මුදලින් අයකර ගන්නා අතර,ඒය ප්‍රමාණවත් නොව්යැයි ගරු සභාපති/ලේකම්ට ප්‍රත්‍යක්ෂ වු අවස්ථාවකදී ඉල්ලුම්කරු විසින් අලාභය ගෙවීමට ඉල්ලුම්කරු බැදී සිටී.
6.ඉල්ලුම්කරු රැගෙන ඒනු ලබන බඩුබාහිරාදිය පිළිබදව ප්‍රාදේශිය සභාව වග කියනු නොලැබේ.
7.යොදාගත් වැඩසටහනක් කල් දමන්නේනම් ඒ් සඳහා විකල්ප දිනයක් ලබාගත යුතුය.
8.කිසියම් අවස්ථාවක ක්‍රීඩා පිටිය වෙන් කරවාගත් පසු අදාළ වැඩසටහන නොපැවැත්වු අවස්ථාවක වැඩසටහන පැවැත්වීම සඳහා මාස 2 ක කාලයක් ලබාදෙන අතර ඒම කාලය ඉකුත් වු පසු ආරක්ෂිත ඇප මුදල පමණක් ආපසු ගෙවනු ලැබේ.
9.ගාස්තු ගෙවීමෙන් අනතුරුව කිසියම් වැඩසටහනක් ප්‍රතික්ෂේප කිරීමේ හෝ අවලංගු කිරීමේ පුර්ව අයිතිය සභාව සතුවේ.ඒවැනි අවස්ථාවක සභාවේ තීරණය පරිදි ඉල්ලුම්කරු විසින් ගෙවන ලද මුදල ඉල්ලුම්කරුට ලබාගත හැකිවනු ඇත.
10.විදුලි බලය ඇනහිටීම නිසා හෝ ඉල්ලුම්කරුට සිදුවන කිසියම් පාඩුවක් පිළිබදව සභාව වගකියනු නොලැබේ.
11.ඉල්ලුම්කරු විසින් අදාළ වැඩසටහන ආරම්භයට පෙර ඒහි ඇති සවිකිරීම් යථා තත්වයෙන් පවතින බව ස්ථාන භාරකරු වෙතින් සහතික කරවා ගත යුතුය.
12ක්‍රිඩා පිටිය වෙන් කරගත් පසු ක්‍රීඩා පිටියේ වෙනස් කිරිමක් සිදු කිරීමට අවශය වන්නේ නම් තාක්ෂණ නිලධාරින්ගේ අනුමැතිය යටතේම සිදු කල යුතුය.
13.අදාළ වැඩසටහන අවසානයේදී ක්‍රීඩාපිටිය යථා තත්වයෙන් පවතින බව සනාථ කර ඒය නැවත භාරදිය යුතුය.
14.ක්‍රීඩාපිටිය වෙන් කිරීම සඳහා වු ආරක්ෂිත ඇප තැම්පත් මුදල ලබා ගැනීම සඳහා ලදුපත අවශ්‍ය වේ.
15 හෙට්ටිපොල මහජන ක්‍රීඩාපිටිය වෙත පැමිණෙන සියළුම රථවාහන අවට සහ ඉදිරිපස භූම් පරිශ්‍රයට අවහිරයක් නොවන පරිදි නවතා තැබිය යුතුය.
16.ක්‍රීඩා පුහුණුවීම් සදහා සවස 4.00 සිට රාත්‍රි10.00 දක්වා කාලය වෙන් කර ඇත.
17.ක්‍රීඩා කටයුතු හැර වෙනත් කටයුතු සඳහා මහජන ක්‍රීඩාංගනය ලබා නොදෙන අතර ක්‍රීඩා තරඟ ස්වාභවය අනුව ක්‍රීඩා පිටිය ලබාදීමේ /නොදීමේ අයිතිය පඩුවස්නුවර ප්‍රාදේශීය සභාව සතුය.

Scroll to Top