පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
නිවැරදි දැක්මක් තුළින් සමෘර්ධිමත් පුරවරයක්
ආදායම් අංශය
ක්‍රීඩා පිටි, නගරශාලා කුලියට දීම, වරිපනම් හා වෙනත් බදු එකතු කිරීම,
තාක්ෂණ අංශය
ඉදිකිරීම්, සංවර්ධන ව්‍යාපෘති, සහ තාක්ෂණික නවෝත්පාදන හරහා ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
ප්‍රජා සංවර්ධන අංශය
සමාජ සුබසාධන වැඩසටහන්, යටිතල පහසුකම් සංවර්ධනය සහ ධාරිතා ගොඩනැගීමේ මුලපිරීම් හරහා ප්‍රජාව සවිබල ගැන්වීමේ කටයුතු
ආයතන අංශය
ආයතනික කාර්ය මණ්ඩලයේ පුද්ගල වාර්තා කළමනාකරණය, විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම, නිවාඩු කළමනාකරණය සහ බාධාවකින් තොරව මෙහෙයුම් සඳහා පරිපාලන කටයුතු සඳහා සහාය ලබාදීම
අපගේ දැක්ම
සමෘද්ධිමත් පුරවරයක්
අපගේ අරමුණ
පඬුවස්නුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ වෙසෙන ජනතාවගේ සුඛ විහරණය, පහසුව සහ සුභසාධනය ඇතුළු සියලු පහසුකම් ආරක්ෂා කරමින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පොදු උපයෝගී සේවා හා මංමාවත් වලට අදාළ කටයුතු ආරක්ෂා කරමින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පොදු උපයෝගී සේවා හා මංමාවත් වලට අදාල කටයුතු ආරක්ෂා කරමින්, ප්‍රවර්ධනය කරමින්, සියලු කටයුතු විධිමත් කරමින් පාලනය හා පරිපාලනය කරමින් ප්‍රශස්ත මහජන සේවා සපයන ආයතනය වීම අපගේ අරමුණයි.
Our Services
සේවා ලාභී ඔබට නිතර අවශ්‍ය වන සේවා සඳහා පහතින් යොමුවන්න
අනුකූලතා සහතික නිකුත් කිරීම
අනුමත මිනුම් සැලැස්මට අනුකූලව ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බව තහවුරු කිරීම සඳහා මෙම සහතිකය නිකුත් කරනු ලැබේ.
සභාව සතු වාහන, යන්ත්‍රා්පකරණ කුළියට ලබා දීම
මාර්ග තලනය, බැකෝ ලෝඩරය, මෝටර්ග්‍රේඩරය, ටිපර් රථය, ඩ්‍රම් ට්‍රක් රථය, ජල බවුසරය කුලියට ලබා දීම,
සභාව සතු පොදු ස්ථාන හා සේවාවන් වෙන් කිරීම
ආදාහනාගාරය, ප්‍රජා ශාලාව, ක්‍රීඩා පිටිය, සියඹලාගස්වැව භූ දර්ශණ ව්‍යාපෘතිය, ක්‍රීඩාංගන වෙන් කිරීම
සමාජ සුභ සාධන සේවා සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම
වැසිකිළි පෝච්චි ලබා දීම, ශ්‍රමදාන බෝක්කු ලබා දීම, වෛද්‍ය ආධාර ලබා දීම,
සියඹලාගස්වැටිය පාරිසරික උද්‍යානය
එලිමහන් ශරීරසුවතා මධ්‍යස්ථානය
ප්‍රදේශයේ ළමුන් සහ වැඩි හිටි පුරවැසියන්ගේ ශාරීරික සෞඛ්‍යය ඉහළ නැංවීමේ අරමුණින් පඬුවස්නුවර ප්‍රාදේශීය මඟින් නොමිලයේ ලබා දෙන සේවාව
හන්ස බෝට්ටු සවාරිය
ප්‍රදේශයේ ළමුන් සහ වැඩි හිටි පුරවැසියන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීමේ අරමුණින් පඬුවස්නුවර ප්‍රාදේශීය සබාව මගින් ලබා දෙන මුදල් අයකරනු ලබන සේවයකි
ඡායාරූප ගත කිරීම්, වීඩියෝ ගත කිරීම්
සොබාදහමේ පවතින සුන්දරත්වය විදහාපාන මෙම උද්‍යානය ප්‍රදේශයේ පුරවැසියන්ගේ විවිධ විශේෂිත අවශ්‍යතා සඳහා ඡායාරූප ගත කිරීම්, වීඩියෝ ගත කිරීම් සඳහා පඬුවස්නුවර ප්‍රාදේශීය සබාව මගින් ලබා දෙන ලබන සේවයකි
Our ongoing Projects
දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති